ජපන් කවියකි
මාත්‍රා දහහතක
හැඩය එය
කුඩාය
බෙලිකටුවකි සිහින්
මහ සමුදුරක සිතිවිලි
ගුලිකරගෙන සිටින.
ඩොරති බිටන් නැමති ඉංග්‍රිසි ලේකිකාව ජපන් හයිකු කවිය හැදන්වුයේ ඒ අයුරිනි.
විශ්ව සාහිත්‍යයේ එන කෙටි කාව්‍ය ක්‍රමය හැදින්විමට මීටවඩා උචිත උපමා උපමෙිය ගැන සිතීම අසීරැය.මෙම කවි හදුනා ගැනිමට එහි ආකෘතියත් එම ආකෘතිය තුල බහා ඇති ආත්මයත් ගැන වෙන්කොට කතාකල යුතුය.මෙම කවි එකින් එක ගත් විට,
1=මාත්‍රා දහහතකින් හා පේලි තුනකින් යුතු කාව්‍ය විශේශයකි.
2=මුල්පෙල මාත්‍රා පහක්ද,දෙවනි පෙල මාත්‍රා හතක්ද,තුන්වන පෙල මාත්‍රා පහක්ද වෙි.
3= ස්වභාවධර්මය පිලිබද බොහෝ විට ඍතු හතරට සමිබන්ද වෙි.
4=කිසියමි සිද්ධියක අවසානය යොමු කරයි.
5= සෑම විටම වර්ථමාන සිදුවීමි යොදා ගනී.
හයිකු වර්ථමානේ උසුලන පරිපූර්නත්වයට පත් වනුයේ ක්‍රමික විකාශනයකින් පසුවය .ෂින්ටෝ ආගම පදනමි කරගත් ප්‍රාතමික කාව්‍ය වරගයක් වු කතෝකා නමි වු බීජයෙන් ජනිත මාත්‍රා 31 කින් යුක්ත වු ටන්කා -හා වකා නමි එනමි ක්‍රි.ව 700-1200 දක්වා කාව්‍ය ක්‍රමයේ ද යමි ලක්ෂණ උකහාගෙන එය වැඩි වර්ධනය වුනි.
නමුත් හයිකු පැහැදිලැ ලෙස උපත ලැබුවෙි රෙන්ගා නෙහොත් ලින්ක් වෙිර්ස් වලිනි.ගැබුරැ ටැන්ගා කාව්‍ය රචනයෙන් වෙහෙසට පත්වුනු කවිහු සැහැල්ලු රසයක් ලබන අටියෙන් දහතුන්වන සියවස පමන පබැදීමට ගත්හ.හයිකු කවිය තවමත් ජපානේ ජීවමානය.බොහෝ කවි ජපානේ ලියවෙි.මෙම කවි පමනක් ඇතුලත් සගරාද බහුලය.තවද හයිකු කාව්‍යයේ තවත් ප්‍රබෙිදයක් සෙන්යුරි නමින් දියුනු වී ඇත.
මත්සුවා බැෂෝ 1644-1694 ගෙන් පසු තනිගුචි බුසෝන් 1715-1783 හා ඉසා 1762-1826 ඉන් පසු මසෝකා ෂිකී 1867-1902 යන ප්‍රධාන කවීන් හයිකු කාව්‍ය වර්ධනය කලහ.සරත් ඍතුවෙි බැෂෝ සගයින්ගෙන් එක් අයෙකු ගෙන කිකාකු සමග ගමනක් ගිය අතර කිකාකුගෙ නෙත රතු බත්කූරෙකු පැහැර ගත්හ.කිකාකු හයිකු කවියක් සාදා ගුරැවරයා හට පෙන්විය.
ගන්න
බත්කූරගෙ
පියාපත් යුගල
ඉදුනු ගමිමිරිස් ඇටයක්.
මෙය දැක බැෂෝ පැවසුවෙි මෙය හයිකු කවියක් ොවෙි යනුවෙනි.ඔබ මෙහි බත්කූරා මරා දමා ඇත.මෙය හයිකු කවියක් වීමටනමි
රතු ගමිමිරිස් ඇටයට
දෙන්න පියාපත් යුගලක්
මෙන්න බත්කුරෙක්
මෙයින් පෙනෙනුයේ ස්වභාවධර්මය නැසීම නෙවෙයි .මෙයින් මිනිස් බවෙි මහා ගැබුර විදහා දැකැවුහ.හයිකු කවියෙහි සිදුවීමි වාචික වෙි.
වැඩ ඇරී
වැඩට යති
ගැහැනු
යමක් කිරීමෙන් නැතිනමි යමක් නැරබීමෙන් ජනිතවන වෙිදයිකය ග්‍රහනය කර ගැනීම හයිකු කවියෙහි ස්වභාවයකි.බැෂෝ ගෙ ඉතා ප්‍රකට කවියක් ලෙස
දාගිය අතු රිකිල්ලක
කපුටෙක් පමනක් ලැගගෙන
ශරත් සැදෑව දැන්.
ආරියවංශ මහතාගේ "මිණි පැමිණි" යන පරිවර්ථන කෘතියෙහි හයිකු තොරතුරු සදහන්ව ඇත.
රාබු උදුරන්නා
රාබු අලයෙන්
මට
පාර පෙන්වයි
(ඉසා)
කදු පියස පන්සල
දාවල සැතපෙන
හාමුදුරැවන්
ගොරවන හඩ
කෝකිල කූජනය
(ෂිකි)
හද එක එක තැන
එල්ලා
බැලුවෙමි
මම
(හෙකුෂු)
මෙි සොල්දාදුවන්
මැස්සන් පවා
නිවැරදිව
ප්‍රචන්ඩව
තලන හැටි
(ටායිගි)
(එන්න ඇවිත් දැනුම බෙදා ගන්න👍👍👍)