Monday, 9 July 2018

ලංකාවේ නිසදැස් කාව්‍ය⁣ ආරමිබකයා



1913 ජූලි 10 වෙනි දින උපත ලැබී ය .ආර්ථික දුෂ්කරතා නිසා අධ්‍යාපන කටයුතු  7වෙනි ශ්‍රේණිය ට සීමා කිරීමට සිදුවිය  .පොත පත කියවීම තුලින් ඔහු තම දැනුම ප්‍රගුණ කරගත්තේය .ඔහු ගේ පියා  සිංහල,පාලි,සංස්කෘත ,උගත් බෞද්ධ හැදියාව කින් යුත් වූ අයෙකි .monitor ගුරුවරියක වූ මව බුද්ධිමත් තැනැත්තියක වූවාය .මේ පරිසරයෙහි නිහඬ ජීවිතයක් ගත කළ ජී බී සේනානායක ට මහත් සේ බලපෑවේය .


1945 දී ජී බී සේනානායක ලිවු පිළිගැනීම කෙටි කතා සංග්‍රහයේ ඇතුළත් වූ නිදහස් කවි කිහිපය ලංකාවේ නිසඳැස් කවිහි ආරම්භයයි .මේවා ගද්‍යයටත් පද්‍යයටත් ඒ අතර තිබෙන විශේෂයක් ලෙස ඔහු හැදින්විය .මෙහි එන සෑම කවි පෙළක ම වස්තු බීජ ලෙස ගෙන ඇත්තේ තියුණු මානසික සංඝටිටනයි.

දෙවියන් මැරීම නැමැති රචනාවෙන් බුද්ධිය හා හැඟීම් අතර ඇතිවන  සටන සංකේතානුසාරයෙන් ජීවමාන ස්වරූපයකින් ඉදිරිපත් කර ඇත .වරද ශිෂ්‍යාව ආදී රචනා වල වල ද ඇත්තේ එවැනි තියුණු මානසික ගැටුමිය.

සිංහල කවිය දෘටිගෝචර රටාවකට යොමු කිරීමක් ඔහු ගෙන් සිදු විය .නිශ්ශබ්ද තාව රචනය ඊට උදාහරණය ය.ඒ රටාව වුවත් ඔහු ස්වරය හා රිද්මය ස්වකීය පරමාර්ථය ඉටුකර දෙන අයුරින් සකසා ගෙන ඇත .

මසකු හඬනගා දැඟලුයෙන්
ගං ඉවුර අස 
පන් ගසින් යුත් 
නොගැඹුරු බොර දිය 
කැළඹිණ 

සේනානායක ගෙ "රුබය්යාට් "පරිවර්තනය කාව්‍ය සංකල්පයන්ට හරවන ලද විචාර චින්තාවන් චින්තාවන්ගෙන් යුතුය.ආගම හා දර්ශනය පිළිබඳ විචාර චින්තා කවියට නගන හැටි මින් පෙනේ .

පුරවන්න සුරාවෙන් 
මගේ බඳුන 
කාලය පා යටින් පලායනු දැකද
එය යලිත් කිව යුතුද අද දවස මිහිරි නම්


මොහු විසින් කාව්‍ය කෘති කිහිපයක් ම රචනා කොට ඇත .විඳිමි,දැල් කවුලුව ,සෙවනැලි ,ඒවා අතර වේ .පසු කාලයේ ඔහු වඩාත් ප්‍රකට වූයේ කෙටිකතා කරුවකු හැටියට ය .දුප්පතුන් නැති ලෝකය ,පලි ගැනිම ,ගමන ,මිතුරිය ,මුලාව ඔහු ලියූ කෙටිකතා සංග්‍රහයෙන් යෙන් ය .   












කලාත්මක ලක්ෂණ පෝෂණය කිරීමෙහි ලා ඔහුගෙන් ලැබුණේ මත් පිටිවහලකි .

             වරදත්ත ,මේධා ,චාරුමුඛ ,අවරගිර  ,රළ බිඳුම ,මඩකලපුව ,කැකෑරිල්ල ,ජල ගැලීම ,බැදුම ,රුව ,උරගල,මුදු පානී ,කෙලෙස් සයුර ,එකට එක ,නමින් නව කතා කිහිපයක් ඔහු ලියා පළ කළේ ය .

             ළමා සාහිත්‍යයට ද සේවාවක් ඉටු විය .ඔහු ළමයින් වෙනුවෙන් කතන්දර ලීවේය  .මල් කුමාරි ,මහා ලෝභය ,හාල්මැස්සා ,tran හදුන් රූපය ,අඹ කතාව හා හීනය, ඒ අතර වෙයි.රන රාල නමින්  ඔහු ලියූ පරිවර්තනය ද ළමුන් අතර ඉතා ජනප්‍රිය විය.


           අවසානයේ දෑස් නොපෙනී ගිය ඔහු ඥාති දියණියක ලවා" විනිවිදිමි අඳුර "නමින් තම ජීවිත කතාව ලීවේ ය ..

             අවිවාහක ජීවිතයක් ගත කළහ ඔහු මුළු ජීවිත කාලය  ම සාහිත්‍ය වෙනුවෙන් කැප කළේය ය.විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය සූරී උපාධිය පිරිනැමුණේ ඔහු කළ සේවය අගයමිනි  .

             ජීවිතයේ අවසාන භාගයේදී  අන්ධ භාවයටත් පත් වුවද සේවය නතර නොකළේ ය .ඥාති දියණියක ගේ උදව් ඇතිව සාහිත්‍ය කෘති කිහිපයක් ම පළ කිරීම විශේෂයෙන් වැදගත්ය 

               අවසාන භාගයේ තම සොහොයුරාගේ නිවසේ ජීවත් වූ ඔහු 1985 මාර්තු 16 වෙනි දින දැයෙන් සමු ගත්තේය .


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ













                     ඔහුගෙ ග්‍රන්ථයන්ය








 

             මෙතුමා පිලිබද පුවත්පත් පලකිරීමි








මුනිදාස කුමාරතුංග


1889 ඡූලි මස 25 වෙනිදා මාතර දික්වැේදී 13නෙක්ගෙන් යුත් පවුලේ 12 වැන්නා ලෙස උපන් ඔහු සිංහල භාෂා ඉතිහාසය ට අමරණීය සේවාවක් කළ පඬිවරයෙකි .

                     ගමෙි පන්සලෙන් හා සාන්ත තෝමස් විදුහලෙන් ඔහු මූලික අධ්‍යාපනය ලැබී ය පසුව කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු  පුහුණුව ලබා  ගුරු වෘත්තියට පිවිසියේය.

                                කුමාරතුංග ලේඛන කාර්ය ඇරඹුවේ  1917 දී පළ කළ සාමාන්‍ය දැනීම ප්‍රශ්න නැමැති කුඩා පොතිනි .ක්‍රියා විවරණය ,ව්‍යාකරණ විවරණය ,සිදත් සඟරා විවරණය ,මයුර සන්දේශ විවරණය ,සැළලිහිණි සන්දේශ විවරණය ,මුවදෙව් දා විවරණය ,ආදි වශයෙන් විවරණ ග්‍රන්ථ  තිස් ගණන ඔහු විසින් රචිතය  .සංස්කරණය කොට පළ කළ ග්‍රන්ථ ද  රාශියකි .    
                                   කවියෙන් විවිධ දස්කම් දැක්වූ කොළඹ යුගයේ ජේෂ්ඨ කවියකු ලෙස කුමාරතුංග සැලකේ .සමාජයේ පැති ඇතැම් දුර්වලකම්වලට පහර එල්ල කරන ආකාර යෙන් ඔවුහු ලියූ පද්‍යද දැකිය හැකි ය .

 පැරකුම් දුටුගැමුණු නම් කියමින් නිතර  
පැරැ දුම් විඳිති ගැහැනුන් අතිනුදු ගෙදර
සැරහුම් කළ  වැව් වනමින් පතර  
ගැරහුම් ලබති හිද බඩගින්නේ  වැතිර 


ඔහුගේ පිය සමර කාව්‍ය උසස් කාව්‍යයකි .පියාණන් පිළිබඳව ඔහු තුළ උපන් අපරිමිත සෙනෙහස ,ගෞරවය මින් මනාව ප්‍රකට වේ .අවස්ථා නිරූපණය ,චරිත නිර්මාණය ,මනෝ භාව ප්‍රකාශනය ආදි කරුණු නිසා මෙම කාව්‍ය උසස් පැසසුමට ලක්වේ   .


   අැස වැසූ නොසුදුස්ස සුදුස්ස පෑ
   බස නොබෝ පිරැණෙන් අරුණෙන් රසෙන්
    වෙස් ගෙන සතුරන් මිතුරන් ලෙසත් 
   පුපුදුවා මා යලි ⁣⁣⁣⁣⁣කොදා


 පියා ගේ ගුණ සියල්ල එ තැන් කොට පුතුගේ වියෝ දුක මැනැවින් පළවේ  .

 පිය සමරේ අවස්ථා නිරූපණය පිළිබඳ  දක්ෂතාව පිළිබිඹු කරන තැනකි .


කොලහලෙවග සාගෙදරින් දිවු ගැහැනුනෙත් මැ ⁣වෙලේ  නුදුරින් පෙනේ 
ගිය ඔවුන් නවතන්නට සේාවුරා පුඵලෙයි
මිනුයෙ සිරියෙන් එකෙක්
පහර කා දඩුයෙන් බිම හොත් වැටී එකකු පානු බලා නැගෙනා ලෙසත් 
එවැළකූ නැමෙමින් දෙටු මල්හුගෙ ළය කෙළේ
සිරියේ නැහිණි වන් නිමියේ සටන්

ජාතියේ දුබලකම් දැක්වීමේ දී කුමාරතුංග වේගවත් විය .


තොපට කුමට බලු ගෙව               ල් 
යුද්දෙට බියෙන් නොවැද            වල් 
හෙළයින් නැති ගති                 සිවල් 
විරුවරු ඔරුවෙහි ලවි           රුවල් 


හෙළයින් පුබුදු වන්නට ද ඔහු කවි ලිවීය .


අලුත් අලුත් දෑ නොදන්න යනතන ජාතිය ලොව නොනගී 
සිගාකෑම බැරි වූ කල ලගී ගයා මර ගී 


ළමා ගී රචන රචනයෙහි කුමාරතුංග පැයේ ඉමහත් සමත් කමකි ."හඳපානේ වැලිතලා  "හා හා හරි හාවා "ආදි වූ පැහැදී පෙළවල් ද "ගණිසුරු " අකුරු මහිමය ආදියද  ඊට නිදසුන්ය  .සමනලයා මලට  පියඔා ඒම සාමාන්‍ය සිදුවීමකි .එහෙත් කුමාරතුංග එය මෙසේ දකී .


          ගත වතු සුදු වී පිරිසිදු 
          පොහොය නැති දු 
          සිල් ගත් බඳු 
          මහ පුදුමෙකි 
          මලෙක මලකි 
          නැහැ එහි සකි 
          සමනළයෙකි 

කුඩා ලමුන්ට 0 ඉගැන්වීමට ඔහු ලියූ පද්ය රසවත්ය .

          ලංකා දීපේ 
          ගිං ගං මත්තේ 
          ගණ්ටා නාදේ
          ඩිං  ඩොං ඩිං ඩොං

කුමාරතුංග පැරණි කවි සම්ප්‍රදායෙන් නිදහස කවි ලියන්නට ඒ වෙහෙස දරා ඇති අයුරු පහත පද්‍යයෙන් පෙනේ .

     මගේ පුතා මගේ දෑතට එන්නැ මේ 
     ඇතිද රෝස මලේ අගයක් ඉතින් 
     දැක්කැ ඔබේ මුහුණේ සුරතල් සිනා
     මැලවුණු එමලයි පිපුනමි මම යි

ළමයි සදහා කුමාරතුංග ලියු රසායනය නමින් හැදින්වෙන ගද්‍ය කාව්‍ය තුනකි.සමාඡයෙ පෙනෙන දුර්වලකමි පෙන්නුමි කරමින් ඒවාට සියුමි ලෙස පහර එල්ල කෙරයි. හත්පණ ,මගුල් කෑම .හා හීන්සැරෙ ය ඒ පොත් තුනයි.







1939 දී ඔහු ඇරඹු සුබස සගරාව හැසිරවීමෙ අලුත් මගක් හෙලි කලේය .හෙළ හවුල නමි වූ සංවිධානයක් ඇති⁣කර එමගින් භාෂා දියුනුවට දිරි දුන්හ.  



සිංහලයට අමිල මෙහෙයක් කල කුමාරතුංගයන් 1944 මාර්තු මස 02  අප අතරින් සමුගත්හ.


මහගම සේකර










Monday, 25 June 2018

ජපන් හයිකු කාව්‍ය.

හයිකු 
  ජපන් කවියකි
  මාත්‍රා දහහතක
  හැඩය එය
  කුඩාය
  බෙලිකටුවකි සිහින්
  මහ සමුදුරක සිතිවිලි
  ගුලිකරගෙන සිටින.

⁣ඩොරති බිටන් නැමති ඉංග්‍රිසි ලේකිකාව ජපන් හයිකු කවිය හැදන්වු⁣යේ ඒ අයුරිනි.
  

  විශ්ව සාහිත්‍යයේ එන කෙටි කාව්‍ය ක්‍රමය හැදින්විමට මීටවඩා  ⁣උචිත උපමා උපමෙිය ගැන සිතීම අසීරැය.මෙම කවි හදුනා ගැනිමට එහි ආකෘතියත් එම ආකෘතිය තුල බහා ඇති ආත්මයත් ගැන වෙන්කොට කතාකල යුතුය.මෙම කවි එකින් එක ගත් විට,

  1=මාත්‍රා  දහහතකින් හා  ⁣⁣පේලි තුනකින් යුතු කාව්‍ය විශේශයකි.
  2=මුල්පෙල මාත්‍රා පහක්ද,දෙවනි පෙල මාත්‍රා  හතක්ද,තුන්වන පෙල මාත්‍රා පහක්ද වෙි.
  3= ස්වභාවධර්මය පිලිබද බොහෝ විට  ඍතු හතරට සමිබන්ද වෙි.
  4=කිසියමි සිද්ධියක අවසානය යොමු කරයි.
   5= සෑම විටම වර්ථමාන සිදුවීමි යොදා ගනී.
 
                                
 හයිකු වර්ථමානේ උසුලන පරිපූර්නත්වයට පත් වනුයේ ක්‍රමික විකාශනයකින් පසුවය .ෂින්⁣ටෝ ආගම පදනමි කරගත් ප්‍රාතමික කාව්‍ය වරගයක් වු ක⁣තෝකා නමි වු බීජයෙන් ජනිත මාත්‍රා 31 කින් යුක්ත වු ටන්කා -හා වකා නමි එනමි ක්‍රි.ව 700-1200 දක්වා කාව්‍ය ක්‍රමයේ ද යමි ලක්ෂණ උකහාගෙන එය වැඩි වර්ධනය වුනි.

නමුත් හයිකු පැහැදිලැ ලෙස උපත ලැබුවෙි රෙන්ගා නෙහොත් ලින්ක් වෙිර්ස් වලිනි.ගැබුරැ ටැන්ගා කාව්‍ය රචනයෙන් වෙහෙසට පත්වුනු කවිහු සැහැල්ලු රසයක් ලබන අටියෙන් දහතුන්වන සියවස පමන පබැදීමට ගත්හ.හයිකු කවිය තවමත් ජපානේ ජීවමානය.බොහෝ කවි ජපානේ ලියවෙි.මෙම කවි පමනක් ඇතුලත් සගරාද බහුලය.තවද හයිකු කාව්‍යයේ තවත් ප්‍රබෙිදයක් සෙන්යුරි නමින් දියුනු වී ඇත.

මත්සුවා බැෂෝ 1644-1694 ගෙන් පසු තනිගුචි බුසෝන් 1715-1783 හා ඉසා 1762-1826 ඉන් පසු මසෝකා ෂිකී 1867-1902 යන ප්‍රධාන කවීන් හයිකු කාව්‍ය වර්ධනය කලහ.සරත් ඍතුවෙි බැෂෝ සගයින්ගෙන් එක්  අයෙකු ගෙන කිකාකු සමග ගමනක් ගිය අතර කිකාකුගෙ නෙත රතු බත්කූරෙකු පැහැර ගත්හ.කිකාකු හයිකු කවියක් සාදා ගුරැවරයා හට පෙන්විය.
          
          ගන්න
          බත්කූරගෙ 
          පියාපත් යුගල
          ඉදුනු ගමිමිරිස් ඇටයක්.

  මෙය දැක බැෂෝ පැවසුවෙි මෙය හයිකු කවියක් ොවෙි යනුවෙනි.ඔබ මෙහි බත්කූරා මරා දමා ඇත.මෙය හයිකු කවියක් වීමටනමි

          රතු ගමිමිරිස් ඇටයට
          දෙන්න පියාපත් යුගලක්
          මෙන්න බත්කුරෙක්

මෙයින් පෙනෙනුයේ ස්වභාවධර්මය නැසීම නෙවෙයි .මෙයින් මිනිස් බවෙි මහා ගැබුර විදහා දැකැවුහ.හයිකු කවියෙහි සිදුවීමි වාචික වෙි.


           
             වැඩ ඇරී 
             වැඩට යති 
             ගැහැනු

යමක් කිරීමෙන් නැතිනමි යමක් නැරබීමෙන් ජනිතවන වෙිදයිකය ග්‍රහනය කර ගැනීම හයිකු කවියෙහි ස්වභාවයකි.බැෂෝ ගෙ ඉතා ප්‍රකට කවියක් ලෙස

            දාගිය අතු රිකිල්ලක 
            කපුටෙක් පමනක් ලැගගෙන
             ශරත් සැදෑව දැන්.

ආරියවංශ මහතාගේ "මිණි පැමිණි" යන පරිවර්ථන කෘතියෙහි හයිකු තොරතුරු සදහන්ව ඇත.


                  රාබු උදුරන්නා 
                  රාබු අලයෙන්
                  මට
                   පාර පෙන්වයි
                      (ඉසා)
     
                 කදු පියස පන්සල
                 දාවල සැතපෙන
                  හාමුදුරැවන්
                 ගොරවන හඩ
                 කෝකිල කූජනය
                       (ෂිකි)

                   
                  හද එක එක තැන
                  එල්ලා 
                  බැලුවෙමි
                  මම
                  (⁣හෙකුෂු)


               මෙි සොල්දාදුවන් 
                මැස්සන් පවා 
                 නිවැරදිව
                 ප්‍රචන්ඩව
               තලන හැටි
                (ටායිගි)


(එන්න ඇවිත් දැනුම බෙදා ගන්න👍👍👍)