Monday, 9 July 2018

මුනිදාස කුමාරතුංග


1889 ඡූලි මස 25 වෙනිදා මාතර දික්වැේදී 13නෙක්ගෙන් යුත් පවුලේ 12 වැන්නා ලෙස උපන් ඔහු සිංහල භාෂා ඉතිහාසය ට අමරණීය සේවාවක් කළ පඬිවරයෙකි .

                     ගමෙි පන්සලෙන් හා සාන්ත තෝමස් විදුහලෙන් ඔහු මූලික අධ්‍යාපනය ලැබී ය පසුව කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු  පුහුණුව ලබා  ගුරු වෘත්තියට පිවිසියේය.

                                කුමාරතුංග ලේඛන කාර්ය ඇරඹුවේ  1917 දී පළ කළ සාමාන්‍ය දැනීම ප්‍රශ්න නැමැති කුඩා පොතිනි .ක්‍රියා විවරණය ,ව්‍යාකරණ විවරණය ,සිදත් සඟරා විවරණය ,මයුර සන්දේශ විවරණය ,සැළලිහිණි සන්දේශ විවරණය ,මුවදෙව් දා විවරණය ,ආදි වශයෙන් විවරණ ග්‍රන්ථ  තිස් ගණන ඔහු විසින් රචිතය  .සංස්කරණය කොට පළ කළ ග්‍රන්ථ ද  රාශියකි .    
                                   කවියෙන් විවිධ දස්කම් දැක්වූ කොළඹ යුගයේ ජේෂ්ඨ කවියකු ලෙස කුමාරතුංග සැලකේ .සමාජයේ පැති ඇතැම් දුර්වලකම්වලට පහර එල්ල කරන ආකාර යෙන් ඔවුහු ලියූ පද්‍යද දැකිය හැකි ය .

 පැරකුම් දුටුගැමුණු නම් කියමින් නිතර  
පැරැ දුම් විඳිති ගැහැනුන් අතිනුදු ගෙදර
සැරහුම් කළ  වැව් වනමින් පතර  
ගැරහුම් ලබති හිද බඩගින්නේ  වැතිර 


ඔහුගේ පිය සමර කාව්‍ය උසස් කාව්‍යයකි .පියාණන් පිළිබඳව ඔහු තුළ උපන් අපරිමිත සෙනෙහස ,ගෞරවය මින් මනාව ප්‍රකට වේ .අවස්ථා නිරූපණය ,චරිත නිර්මාණය ,මනෝ භාව ප්‍රකාශනය ආදි කරුණු නිසා මෙම කාව්‍ය උසස් පැසසුමට ලක්වේ   .


   අැස වැසූ නොසුදුස්ස සුදුස්ස පෑ
   බස නොබෝ පිරැණෙන් අරුණෙන් රසෙන්
    වෙස් ගෙන සතුරන් මිතුරන් ලෙසත් 
   පුපුදුවා මා යලි ⁣⁣⁣⁣⁣කොදා


 පියා ගේ ගුණ සියල්ල එ තැන් කොට පුතුගේ වියෝ දුක මැනැවින් පළවේ  .

 පිය සමරේ අවස්ථා නිරූපණය පිළිබඳ  දක්ෂතාව පිළිබිඹු කරන තැනකි .


කොලහලෙවග සාගෙදරින් දිවු ගැහැනුනෙත් මැ ⁣වෙලේ  නුදුරින් පෙනේ 
ගිය ඔවුන් නවතන්නට සේාවුරා පුඵලෙයි
මිනුයෙ සිරියෙන් එකෙක්
පහර කා දඩුයෙන් බිම හොත් වැටී එකකු පානු බලා නැගෙනා ලෙසත් 
එවැළකූ නැමෙමින් දෙටු මල්හුගෙ ළය කෙළේ
සිරියේ නැහිණි වන් නිමියේ සටන්

ජාතියේ දුබලකම් දැක්වීමේ දී කුමාරතුංග වේගවත් විය .


තොපට කුමට බලු ගෙව               ල් 
යුද්දෙට බියෙන් නොවැද            වල් 
හෙළයින් නැති ගති                 සිවල් 
විරුවරු ඔරුවෙහි ලවි           රුවල් 


හෙළයින් පුබුදු වන්නට ද ඔහු කවි ලිවීය .


අලුත් අලුත් දෑ නොදන්න යනතන ජාතිය ලොව නොනගී 
සිගාකෑම බැරි වූ කල ලගී ගයා මර ගී 


ළමා ගී රචන රචනයෙහි කුමාරතුංග පැයේ ඉමහත් සමත් කමකි ."හඳපානේ වැලිතලා  "හා හා හරි හාවා "ආදි වූ පැහැදී පෙළවල් ද "ගණිසුරු " අකුරු මහිමය ආදියද  ඊට නිදසුන්ය  .සමනලයා මලට  පියඔා ඒම සාමාන්‍ය සිදුවීමකි .එහෙත් කුමාරතුංග එය මෙසේ දකී .


          ගත වතු සුදු වී පිරිසිදු 
          පොහොය නැති දු 
          සිල් ගත් බඳු 
          මහ පුදුමෙකි 
          මලෙක මලකි 
          නැහැ එහි සකි 
          සමනළයෙකි 

කුඩා ලමුන්ට 0 ඉගැන්වීමට ඔහු ලියූ පද්ය රසවත්ය .

          ලංකා දීපේ 
          ගිං ගං මත්තේ 
          ගණ්ටා නාදේ
          ඩිං  ඩොං ඩිං ඩොං

කුමාරතුංග පැරණි කවි සම්ප්‍රදායෙන් නිදහස කවි ලියන්නට ඒ වෙහෙස දරා ඇති අයුරු පහත පද්‍යයෙන් පෙනේ .

     මගේ පුතා මගේ දෑතට එන්නැ මේ 
     ඇතිද රෝස මලේ අගයක් ඉතින් 
     දැක්කැ ඔබේ මුහුණේ සුරතල් සිනා
     මැලවුණු එමලයි පිපුනමි මම යි

ළමයි සදහා කුමාරතුංග ලියු රසායනය නමින් හැදින්වෙන ගද්‍ය කාව්‍ය තුනකි.සමාඡයෙ පෙනෙන දුර්වලකමි පෙන්නුමි කරමින් ඒවාට සියුමි ලෙස පහර එල්ල කෙරයි. හත්පණ ,මගුල් කෑම .හා හීන්සැරෙ ය ඒ පොත් තුනයි.







1939 දී ඔහු ඇරඹු සුබස සගරාව හැසිරවීමෙ අලුත් මගක් හෙලි කලේය .හෙළ හවුල නමි වූ සංවිධානයක් ඇති⁣කර එමගින් භාෂා දියුනුවට දිරි දුන්හ.  



සිංහලයට අමිල මෙහෙයක් කල කුමාරතුංගයන් 1944 මාර්තු මස 02  අප අතරින් සමුගත්හ.


No comments:

Post a Comment